කෝලි – අනුෂ්කාට අපහාස කළ ගවස්කාර්ට අනුෂ්කාගෙන් සැර පිළිතුරක්

Date:

ඉන්දීය හිටපු ක්‍රිකට් ක්‍රීඩක සුනිල් ගවස්කාර් මෙවර අයි.පී.එල් තරගාවලියේ 6 වන තරගය අතරතුර දී විස්තර විචාරකයෙකු ලෙස කළ ප්‍රකාශයකට එරෙහිව විරාට් කෝලිගේ බිරිද වන බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මා ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඊයේ(24) පැවැති මෙම තරගයෙන් කෝලි නායකත්වය දැරූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම ලකුණු 97ක දැවැන්ත පරාජයක් ලැබුවේ කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායමට එරෙහිවයි.

මෙම තරගයේ දී කෝලි අතින් වැදගත් උඩ පන්දු දෙකක් ගිලිහී ගිය අතර, පිතිකරණයේ දී ද ඔහු ලබා ගත්තේ එක් ලකුණක් පමණයි.

එම අවස්ථාවේ දී සුනිල් ගවස්කාර් සදහන් කළේ විරාට් කෝලි කොරෝනා කාලසමයේ දී පුහුණුවීම් සිදු කළේ අනුෂ්කාගේ පන්දුවලට පමණක් බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් අනුෂ්කා ෂර්මා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් අදාළ ප්‍රකාශයට අප්‍රසාදය පල කර සිටියා.

සැමියාගේ ක්‍රීඩාව සම්බන්ධයෙන් බිරිදට චෝදනා කරමින් මෙතරම් දරුණු ප්‍රකාශයක් සිදු කළේ මන්දැයි පැහැදිලි කරන ලෙස ඇය සුනිල් ගවස්කාර්ගෙන් මෙහිදී ඉල්ලා සිටිනවා.

“ක්‍රීඩාව ගැන අදහස් දැක් වීමේ දී පසුගිය කාලය පුරා සෑම ක්‍රීඩකයෙකුගේම පෞද්ගලික ජීවිතයට ඔබ ගරු කර ඇති බව මට විශ්වාසයි. ඔබ හිතන්නේ නැද්ද මට සහ අප ගැනත් සමාන ගෞරවයක් තිබිය යුතුයි කියල.”

යනුවෙන් අනුෂ්කා සදහන් කළා.

අනුෂ්කා ෂර්මා තැබූ සම්පූර්ණ සටහන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...