“ශ්‍රී ලංකාව මගේ දෙවැනි ගෙදර වගේ දැන්” : බාබර් අසාම්

Date:

සිය දෙවැනි නිවස බවට මේ වන විට ශ්‍රී ලංකාව පත්ව ඇති බව පාකිස්තාන නායක බාබර් අසාම් පවසනවා.

ඇෆ්ඝනිස්තානය සමග අද(22) ආරම්භ වන එක්දින ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා හම්බන්තොට දී පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

බාබර් ජූලි මස මුලදී ශ්‍රී ලංකාවට පැමිණියේ තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කිරීම වෙනුවෙනුයි.

අනතුරුව ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ද ඔහු ක්‍රීඩා කළා. එම තරගාවලියේ දී කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම සදහා ක්‍රීඩා කළ ඔහු සිය 10 වැනි 20යි 20 ශතකය ද වාර්තා කිරීමට සමත් වුණා.

LPL තරගාවලියෙන් පසුව ඔහු අද දිනයේ සිට ඇෆ්ඝනිස්තානයට එරෙහි තරග 3කින් යුත් එක්දින තරගාවලිය සදහා ද ක්‍රීඩා කිරීමට නියමිතයි.

අනතුරුව ආසියානු කුසලාන තරගාවලිය ක්‍රීඩා කිරීම සදහා ද බාබර් අසාම්ට මෙරටට පැමිණීමට සිදු වනවා.

මෙම තරගාවලි අතරතුර දී තමාට පාකිස්තානයට යාමට අවස්ථාව හිමි වූයේ දින කිහිපයක් සදහා පමණක් බවයි පාකිස්තාන නායකයා පෙන්වා දුන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...