එංගලන්ත නවක වේග පන්දු යවන්නාගේ 20යි 20 සිහිනය බොද වෙයි

Date:

මෙතෙක් ජාත්‍යන්තර වරම් දිනා නොමැති එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක John Turner ට නවසීලන්තය සමග පැවැත්වීමට නියමිත පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ, එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලිය අතරතුර දී ඔහු මුහුණ දුන් ආබාධයක් හේතුවෙන්.

හන්ඩ්‍රඩ් තරගාවලියේ දී 22 හැවිරිදි ඔහු Trent Rockets කණ්ඩායම නියෝජනය කළා.

Turner වෙනුවට Brydon Carse එංගලන්ත 20යි 20 සංචිතය සදහා ආදේශ කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

28 හැවිරිදි ඔහු එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 9 ක් ක්‍රීඩා කර ඇතත්, ඔහු මෙතෙක් 20යි 20 ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර නැහැ.

එංගලන්තය හා නවසීලන්තය අතර පැවැත්වීමට නියමිත තරග 4 කින් යුත් 20යි 20 තරගාවලිය එළඹෙන 30 වැනිදා චෙස්ටර් ලී ස්ට්‍රීට් හී දී ආරම්භ වීමට නියමිතයි.

England T20I squad :

Jos Buttler (c), Rehan Ahmed, Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Harry Brook, Sam Curran, Ben Duckett, Will Jacks, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Josh Tongue, Brydon Carse, Luke Wood.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...