LPL Final : කාසියේ වාසිය දඹුල්ලට ; වනිදු අවසන් තරගයෙන් ඉවතට

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් බී-ලව් කැන්ඩි කණ්ඩායමට එරෙහිව තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

ඊයේ තරගයේ දී ආබාධයකට ලක් වූ මහනුවර කණ්ඩායමේ නායක වනිදු හසරංගට අවසන් මහා තරගය අහිමි වී තිබෙනවා.

ඔහුට අමතරව සහන් ආරච්චිගේ හා තනුක දාබරේ ද අද තරගයෙන් ඉවත් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔවුන් වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ කමිදු මෙන්ඩිස්, අශේන් බණ්ඩාර හා නුවන් ප්‍රදීප් යන ක්‍රීඩකයින්.

දඹුල්ල කණ්ඩායම වෙනුවෙන් හසන් අලී වෙනුවට ප්‍රමෝද් මදුෂාන් කණ්ඩායමට කැදවා තිබෙනවා.

කණ්ඩායම් දෙක –

Dambulla Aura XI:

Avishka Fernando, Kusal Mendis (wk/c), Sadeera Samarawickrama, Kusal Perera, Dhananjaya de Silva, Alex Ross, Hayden Kerr, Dushan Hemantha, Binura Fernando, Noor Ahmad, Pramod Madushan

B-Love Kandy XI:

Mohammad Haris, Dinesh Chandimal (wk), Ashen Bandara, Angelo Mathews (c), Kamindu Mendis, Chaturanga de Silva, Asif Ali, Lahiru Madushanka, Mohammad Hasnain, Mujeeb Ur Rahman, Nuwan Pradeep

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...