Watch : ජාත්‍යන්තර පිටියට යළි පිවිසි බුම්රා පළමු පන්දුවාරයෙන්ම කඩුලු 2ක් දවා ගත් හැටි

Date:

ඉන්දීය සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා වසරකට ආසන්න කාලයකට පසුව අද(18) යළි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසෙමින් සිය පළමු පන්දුවාරයේ දී ම කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුණා.

ඒ, අයර්ලන්තය සමග පැවැත්වෙන තරග 3කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දී යි.

මෙම තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමේ නායකත්වය ද දරනු ලබන්නේ බුම්රා විසින්.

බුම්රා අවසන් වරට ජාත්‍යන්තර තරගයක් ක්‍රීඩා කර තිබුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. අනතුරුව ආබාධවලට ලක්වීම නිසාත්, ශල්‍යකර්මයකට ලක්වීම නිසාත් බුම්රාට ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදු වුණා.

අයර්ලන්තයේ ඩබ්ලින් නුවර දී අද ආරම්භ වූ පළමු තරගයේ කාසියේ වාසිය දිනූ ඉන්දියාව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

අයර්ලන්ත ඉනිමේ පළමු පන්දුවාරය බුම්රා විසින් යොමු කරනු ලැබුවා. පළමු පන්දුවට ඇන්ඩි බල්බර්නි විසින් හතරේ පහරක් එල්ල කළ නමුත්, දෙවැනි පන්දුවේ දී පන්දුව පිත්තේ වැදී කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් ඔහුට යළි ක්‍රීඩාගාරය බලා පිටව යාමට සිදු වුණා.

අනතුරුව පිටියට පිවිසියේ ලෝකන් ටකර්. ඔහු එම පන්දුවාරයේම 5 වැනි පන්දුවේ දී ස්කූප් පහරක් එල්ල කිරීමට යාමේ දී කඩුලු රකින ක්‍රීඩක සංජු සැම්සන් අතට උඩ පන්දුවක් ලබා දී දැවී ගියා.

කඩුලු දෙකේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න –

https://twitter.com/mdNayabsk45/status/1692539538617286970

https://twitter.com/MdNayab175862/status/1692542508822134875

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...