Watch : දැවැන්ත ශරීරය නිසා කෝන්වෝල් ගොදුරු වූ දුවද්දී දැවී යාම

Date:

මෙවර කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් දුවද්දී දැවී යාමකට ගොදුරු වීමට Barbados Royals කණ්ඩායමේ ආරම්භක පිතිකරු Rahkeem Cornwall ට සිදු වුණා.

මෙම තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ St Lucia Kings කණ්ඩායමයි.

St Lucia හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් St Lucia Kings කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 201 ක් රැස් කරමින්.

Sean Williams ලකුණු 47(30) ක් හා Faf du Plessis ලකුණු 46(32) ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී Jason Holder ලකුණු 38 කට කඩුලු 4 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Barbados Royals කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 147 ක් පමණයි.

අංක 8 පිතිකරු Nyeem Young ලකුණු 48 (39) කට දැවී ගිය අතර, පන්දු යැවීමේ දී Matthew Forde ලකුණු 12 කට කඩුලු 3 ක් දවා ගත්තා.

Barbados ඉනිමේ පළමු නීත්‍යානුකූල පන්දුවෙන්මයි Cornwall දුවද්දී දැවී යාමකට ගොදුරු වුණේ. ඉක්මන් ලකුණක් කරා පැති මාරු කිරීමට යාමේ දී මෙම දුවද්දී දැවී යාම සිදු වුණා.

වෙනත් පිතිකරුවෙකුනම් ඉතා පහසුවෙන් මෙම ලකුණ සදහා පැති මාරු කර ගනු ඇති බවට අපේක්ෂා කළ හැකි නමුත්, දැවැන්ත ශරීරයකට හිමිකම් කියන Cornwall ට සිය දැවැන්ත ශරීරිය නිසාම කඩුල්ල බිද වැටෙන අවස්ථාව වන විට සීමා ඉර ආසන්නයට ළගා වීමට මෙහිදී හැකි වූයේ නැහැ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...