“පන්දුව පිරිමදින්න බැරිනම් ක්‍රිකට් එපා” – පැට් කමින්ස්

Date:

පළමු පෙල තරගවලදී සහ ටෙස්ට් තරගවලදී රතු පන්දුව පිරිමැදීම සම්බන්ධයෙන් තහනමක් පනවන්නේනම් එය කිසිසේත් පිළිගත නොහැකි බව ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා වන ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් පවසනවා.

පන්දුව පිරිමැදීම ඔස්සේ කොරෝනා වෛරසය ආසාදනය වීමේ අවධානමක් පවතින්නේනම් ක්‍රීඩා කිරීම කිසිසේත් සුදුසු නොවන බවයි කමින්ස් පෙන්වා දෙන්නේ.

පුහුණුවීම් අතරතුර දී කෙළ හෝ දහඩිය යොදා ගනිමින් පන්දුව පිරිමැදීම සිදු නොකළ යුතු බව ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ආයතනය සදහන් කර ඇති අතර, තරගයක් අතරතුර දී දහඩිය හෝ කෙළ හැරුණු විට කෘත්‍රිම ද්‍රව්‍යකින් පන්දුව පිරිමැදීම සිදු කළහොත් එය පන්දුව පළුදු කිරීමට තැත් කිරීමේ වරදක් බවට පත් වනවා.

කෙසේ වෙතත්, කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් ජගත් ක්‍රිකට් කවුන්සලය ද මේ වන විට සිය නීති සංශෝදනයක් කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

පන්දුවේ එක පසක් සුමටව තබා ගනිමින් වැඩි දෝලනයක් ලබා ගැනීම සදහා සාමාන්‍යයෙන් පන්දු යවන්නන් පන්දුව පිරිමැදීම සුලබව සිදු කරනු ලබන්නක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...