ප්‍රිත්වි ෂෝ අවාසනාවන්ත ලෙස ප්‍රාන්ත එක්දින තරගාවලියෙන් ඉවතට

Date:

Northamptonshire කණ්ඩායම නියෝජනය කරන ඉන්දීය පිතිකරු ප්‍රිත්වි ෂෝට දණහිසක සිදු වූ ආබාධයක් හේතුවෙන් මෙවර එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග සියල්ල අහිමි වී තිබෙනවා.

23 හැවිරිදි ඔහු මෙම ආබාධයට ලක් වුණේ Durham කණ්ඩායම සමග පැවැති තරගයේ දී පන්දු රකිමින් සිටියදීයි.

වෛද්‍ය පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ඔහුගේ ආබාධය තරමක් බරපතල බවයි.

ඒ අනුව ප්‍රිත්වි ෂෝ හෙට(18) දිනයේ දී ලන්ඩන් නුවර දී විශේෂඥ වෛද්‍යවරයෙකු ද හමු වීමට නියමිතව ඇති බව සදහන්.

මෙවර ප්‍රාන්ත එක්දින තරගාවලියේ දී ඉහළ දක්ෂතා දැක් වීමට ප්‍රිත්වි ෂෝ සමත් වූ අතර, Somerset හා Durham කණ්ඩායම් සමග පැවැති තරගවලදී ඔහු පිළිවෙලින් ලකුණු 244 හා 125* වාර්තා කිරීමට සමත් වුණා.

ඉනිම් 4 කදී ලකුණු 429 වාර්තා කිරීමට ඔහු සමත් වූ අතර, මේ වන විට මෙවර ප්‍රාන්ත එක්දින තරගාවලියේ වැඩිම ලකුණුලාභීයා වන්නේ ද ඔහුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...