ආසියානු කුසලානයේ ශ්‍රී ලංකා අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවි කෙරෙන්නේ මෙහෙමයි

Date:

2023 ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවල ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකි ආකාරය පිළිබද තොරතුරු පාකිස්තාන ක්‍රිකට් ආයතනය අද(16) නිවේදනය කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවේ පැවැත්වෙන තරගවලට අදාළව ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ පළමු අදියර හෙට (17) පස්වරු 12.30 සිට ආරම්භ කෙරෙන බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

දෙවැනි අදියරේ ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීමේ කටයුතු රාත්‍රී 7 සිට ආරම්භ කෙරෙනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර සැප්තැම්බර් දෙවැනිදා පැවැත්වෙන තරගයේ ප්‍රවේශ පත්‍ර ද අලෙවි කෙරෙන්නේ මෙම දෙවැනි අදියර යටතේයි.

pcb.bookme.pk යන වෙබ් ලිපිනයට පිවිස ප්‍රවේශ පත්‍ර මිලදී ගත හැකියි.

අගෝස්තු 30 වැනිදා ආරම්භ වන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිත තරග සංඛ්‍යාව 9 ක්. අවසන් මහා තරගය ද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

තරගාවලියේ පාකිස්තාන අදියරේ තරගවල ප්‍රවේශ පත්‍ර අලෙවි කිරීම මීට පෙර ආරම්භ වුණා.

මේ අතර, එක් හැදුනුම්පතක්/විදේශ ගමන් බලපත්‍රයක් යටතේ මිලදී ගත හැකි උපරිම ප්‍රවේශ පත්‍ර ප්‍රමාණය 4 ක් වන බව ද පාකිස්තාන ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

පාකිස්තානය හා ඉන්දියාව අතර තරගයේ ප්‍රවේශ පත්‍ර එක් හැදුනුම්පතක්/විදේශ ගමන් බලපත්‍රයක් යටතේ මිලදී ගත හැකි වන්නේ දෙකක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...