ලෝක කුසලානයට එංගලන්ත සංචිතය නම් කෙරේ ; ප්‍රබලයින් දෙදෙනෙකුට තරගාවලිය අහිමි වෙයි

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන තාවකාලික සංචිතයක් එංගලන්ත ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

පසුගිය වසරේ දී එක්දින ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගෙන යළි එම තීරණය සංශෝදනය කළ සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටොක්ස් මෙම සංචිතය සදහා ද නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

නවසීලන්තයට එරෙහිව අද(16) නම් කෙරුණු එක්දින සංචිතයම ලෝක කුසලාන තරගාවලිය සදහා ද නම් කිරීමට පියවර ගෙන තිබෙනවා.

ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතයට හැරී බෲක් ‌හා ජොෆ්ර ආචර් නම් කර නැහැ.

කෙසේ වෙතත්, ආචර් අතිරේක ක්‍රීඩකයෙකු ලෙස ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ඉන්දියාව වෙත පිටත්ව යනු ඇති.

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Gus Atkinson ද සංචිතයට නම් කර තිබෙනවා.

නම් කර ඇති ‌එංගලන්ත සංචිතයට වෙනස්කම් සිදු කිරීම සදහා සැප්තැම්බර් 28 වැනිදා දක්වා කාලය පවතිනවා.

2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඔක්තෝබර් 5 වැනිදා ආරම්භ වන්නේ ලෝක ශූර එංගලන්තය හා අනුශූර නවසීලන්තය අතර අහ්මදාබාද්හී දී පැවැත්වෙන තරගයත් සමගිනුුුයි.

England’s provisional squad for the World Cup:

Jos Buttler (c), Moeen Ali, Gus Atkinson, Jonny Bairstow, Sam Curran, Liam Livingstone, Dawid Malan, Adil Rashid, Joe Root, Jason Roy, Ben Stokes, Reece Topley, David Willey, Mark Wood, Chris Woakes.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...