සචිත්‍රට එරෙහිව අධිකරණයෙන් නියෝගයක්

Date:

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මොහොමඩ් රිස්වාන් මහතා අද (14) කටයුතු කළා.

ඒ, තරග පාවා දීම සදහා ක්‍රීඩකයින් පොළඹවා ගැනීමට තැත් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළවයි.

සිද්ධියට අදාළ විමර්ශන සිදු වන බැවින් ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවන ලෙසට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලීමක් සිදු කළ අතර, එය සැලකිල්ලට ගනිමිනුයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

2020 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී සචිත්‍ර සේනානායක විසින් ක්‍රීඩකයින් දෙදෙනෙකු තරග පාවාදීමට පොළඹවා ගැනීම සදහා අදාළ ක්‍රීඩකයින් දෙදෙනාට ඩුබායි සිට දුරකතන ඇමතුම් ලබා දී තිබූ බවට චෝදනා එල්ල වුණා.

පසුව ඒ සම්බන්ධයෙන් එම ක්‍රීඩකයින් දෙදෙනා බළධාරීන් දැනුවත් කිරීමටයි කටයුතු කර තිබුණේ.

ඒ අනුවයි ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් විශේෂ විමර්ශන ඒකකය සහ අයි.සී.සී දූෂන මර්දන ඒකකය මේ පිළිබද පරීක්ෂණ ආරම්භ කළේ.

තරග පාවාදීමක් සදහා පොළඹවා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් සචිත්‍ර සේනානායකට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි ලැබී ඇති බවයි ජේෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අද අධිකරණයට දැනුම් දී ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...