යාපනය අවධානමකට ඇදදමමින් ගාල්ල බලාපොරොත්තු ඉහළ නංවා ගනියි

Date:

කසුන් රාජිත ප්‍රමුඛ පන්දු යවන්නන්ගේ දක්ෂතා හා ටිම් සයිෆර්ට්ගේ අනර්ඝ අර්ධ ශතකය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කරමින් මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ සිය බලාපොරොත්තු ඉහළ මට්ටමක රදවා ගැනීමට ගෝල් ටයිටන්ස් කණ්ඩායම අද(13) සමත් වුණා.

මෙම පරාජයත් සමග මෙවර තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබා ගැනීමේ යාපනය කණ්ඩායමේ බලාපොරොත්තු මේ වන විට දැඩි අවධානමකට ලක්ව තිබෙනවා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ. කෙසේ වෙතත්, කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

එය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී කණ්ඩායමක් රැස් කළ සම දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ටයිටන්ස් කණ්ඩායම පන්දුවාර 13.3 ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 90 ක් ලබා ජයග්‍රහනය තහවුරු කර ගත්තා.

ඉනිම ආරම්භ කළ භානුක රාජපක්ෂ ලකුණු 15(11) කට දැවී ගියේ මහීෂ් තීක්ෂණගේ පන්දුවක් හමුවේයි.

ටිම් සයිෆර්ට් ලකුණු 55 ක් රැස් කළේ පන්දු 42 කට මුහුණ දෙමින්. ඔහුගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 5 ක් ඇතුළත්. ශකිබ් අල් හසාන් ලකුණු 2 කට දැවී ගියා. චැඩ් බවුස් නොදැවී ලකුණු 13 ක් හා දසුන් ශානක නොදැවී ලකුණු 2 ක් ලබා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කිංග්ස් ඉනිමේ පළමු කඩුලු හතර ලකුණු හතක් තුළ දවා ගැනීමට ගෝල් ටයිටන්ස්  කණ්ඩායම සමත් වුණා. ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

අනතුරුව ක්‍රිස් ලින් ලකුණු 4කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

නිශාන් මදුෂ්ක ලකුණු දෙකකටත්, ෂොයිබ් මලික් ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ඩේවිඩ් මිලර් ලකුණු 5 කට දවා ගත්තේ ද රාජිත විසින්.

අසේල ගුණරත්න ලකුණු 7යි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 22 ක් රැස් කළ අතර, තිසර පෙරේරා හා මහීෂ් තීක්ෂණ (නොදැවී) ලකුණු 13 බැගින් ලබා ගත්තා. ඩිල්ෂාන් මදුෂංක ලකුණු 12 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රාජිත කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. ලහිරු කුමාර හා ටබ්රයිස් ශම්සි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...