Watch : කසුන් බිද හෙලූ සුපිරි කඩුලු 4 මෙන්න ; යාපනය වාර්තාගත ලකුණු ප්‍රමාණයකට දැවී යයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 17 වැනි තරගයේ දී ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට එරෙහිව ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත විශිෂ්ඨ පන්දු යැවීමක අද(13) නිරත වෙමින් කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

කෙසේ වෙතත්, කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 89 ක් පමණයි.

එය ලංකා ප්‍රිමියර් ලීග් ඉතිහාසයේ දී කණ්ඩායමක් රැස් කළ සම දෙවැනි අවම ලකුණු සංඛ්‍යාවයි.

කිංග්ස් ඉනිමේ පළමු කඩුලු හතර ලකුණු හතක් තුළ දවා ගැනීමට ගෝල් ටයිටන්ස්  කණ්ඩායම සමත් වුණා. ඉනිමේ තෙවැනි පන්දුවෙන්ම රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා.

අනතුරුව ක්‍රිස් ලින් ලකුණු 4කට දැවී ගියේ ලහිරු කුමාරගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.

නිශාන් මදුෂ්ක ලකුණු දෙකකටත්, ෂොයිබ් මලික් ලකුණු නොලබා සිටියදීත් දවා ගැනීමට කසුන් රාජිත සමත් වුණා. ඉනිමේ 5 වැනි කඩුල්ල ලෙස ඩේවිඩ් මිලර් ලකුණු 5 කට දවා ගත්තේ ද රාජිත විසින්.

අසේල ගුණරත්න ලකුණු 7යි. ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ දුනිත් වෙල්ලාලගේ ලකුණු 22 ක් රැස් කළ අතර, තිසර පෙරේරා හා මහීෂ් තීක්ෂණ (නොදැවී) ලකුණු 13 බැගින් ලබා ගත්තා. ඩිල්ෂාන් මදුෂංක ලකුණු 12 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රාජිත කඩුලු 4 ක් දවා ගත්තේ ලකුණු 20 ක් ලබා දෙමින්. ලහිරු කුමාර හා ටබ්රයිස් ශම්සි අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...