කොළඹට දරුණු ලෙස පහර දී දඹුල්ල අවසන් වටයේ පළමු තරගයට සුදුසුකම් ලබයි

Date:

බෙන් මැක්ඩමට්ගේ හා ඇලෙක්ස් රෝස්ගේ විශිෂ්ඨ පිතිහරඹය හමුවේ ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා ලකුණු 50 ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(12) සමත් වුණා.

මෙම ජයත් සමග ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථාන දෙකෙන් එකක් තහවුරු කර ගනිමින් අවසන් වටයේ පළමු තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට ද දඹුල්ල කණ්ඩායම සමත් වුණා.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 166 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු කණ්ඩායමට පන්දුවාර 19.4 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 116 ක් පමණයි.

නුවනිදු ප්‍රනාන්දු ලකුණු 21 ක්, මොහමඩ් නවාස් ලකුණු 20 ක් හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 18 ක් රැස් කළා. නිරෝෂන් දික්වැල්ල ලකුණු 17 යි.

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 16 කට කඩුලු 3 ක් දවා ගත් අතර, බිනුර ප්‍රනාන්දු, නූර් අහ්මඩ් හා දුෂාන් හේමන්ත කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල ඉනිම වෙනුවෙන් බෙන් මැක්ඩමට් පන්දු 46 කින් නොදැවී ලකුණු 69 ක් රැස් කළා. හයේ පහර 4ක් හා හතරේ පහර 4ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

ඇලෙක්ස් රෝස් ලකුණු 52(38) යි. හයේ පහර 2ක් හා හතරේ පහර 5 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 46 දී බිද වැටුණු පසුබිමක ඔවුන් දෙදෙනා අතර 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගුණු සම්බන්ධතාවය ලකුණු 102 (71) ක්.

අවිශ්ක ප්‍රනාන්දු හා කුසල් මෙන්ඩිස් ලකුණු 7 බැගින් ලබා සිටියදී දැවී ගියා. සධීර සමරවික්‍රම රැස් කළේ එක් ලකුණක් පමණයි. ධනංජය ද සිල්වා ලකුණු 11 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී මතිෂ පතිරණ කඩුලු 2 ක් දවා ගත්තේ ලකුණු 36 ක් ලබා දෙමින්.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...