Watch : දුර දිග ගිය නිපන්දුවේ අර්බුදය

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අද පැවැති 15 වැනි තරගයේ දී නුවන් ප්‍රදීප් යොමු කළ නිපන්දුවක් සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් ඇති වුණා.

ඒ, එය සැබවින්ම නිපන්දුවක් නොවන බව පුනරූපනවලින් දක්නට ලැබීමත් සමගයි.

කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බී-ලව් කැන්ඩි කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 178 ක් ලබා ගත්තා.

ලකුණු 179ක ඉලක්කයක් හඹා ගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 170 ක් පමණයි.

ඒ අනුව ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 8 ක තියුණු ජයක් වාර්තා කරමින් තරගාවලියේ අවසන් වටය සදහා සුදුසුකම් ලබා ගැනීමට බී-ලව් කැන්ඩි කණ්ඩායම සමත් වුණා.

කිංග්ස් ඉනිමේ 18 වැනි පන්දුවාරය නුවන් ප්‍රදීප් විසින් යොමු කළ අතර, එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී යි විනිසුරු විසින් නිපන්දුවක් යොමු කළ බව සංඥා කළේ.

කෙසේ වෙතත්, එම පන්දුව යොමු කිරීමේ දී ඔහුගේ පාදය සීමා ඉර ඉක්මවා යාමක් සිදුව නොමැති බවත්, එබැවින් එය නිපන්දුවක් නොවිය යුතු බවටත් පුනරූපන නැරඹීමේ දී තහවුරු වුණා.

අනතුරුව මහනුවර පිලේ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම අදාළ විනිසුරු තීරණයට දැඩි විරෝධයක් පල කළ නමුත්, එම තීරණය වෙනස් කිරීමට කටයුතු කෙරුණේ නැහැ.

එහි දර්ශන පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...