Watch : නුවන් තුෂාරගේ සුපිරි යෝකර් පන්දුවකට සමාන් ගොදුරු වූ හැටි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 15 වැනි තරගයේ දී විශිෂ්ඨ යෝකර් පන්දුවක් යොමු කරමින් බී-ලව් කැන්ඩි කණ්ඩායමේ ආරම්භක පිතිකරු ෆකාර් සමාන්ගේ කඩුල්ල දවා ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර අද(12) සමත් වුණා.

තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර, කාසියේ වාසිය දිනූ බී-ලව් කැන්ඩි කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව කැන්ඩි ඉනිම ආරම්භ කළේ ෆකාර් සමාන් සමගින් මොහමඩ් හැරිස්.

සමාන් පන්දු 17 කින් ලකුණු 22 ක් ලබා සිටියදී ඉනිමේ පළමු කඩුල්ල ලෙස දැවී ගියා. හයේ පහරක් හා හතරේ පහරක් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

සමාන් දැවී ගියේ තුෂාරගේ යෝකර් පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්. (දර්ශන පහතින්)

මෙම තරගය වෙනුවෙන් කිංග්ස් කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කර ඇති අතර, ඒ අනුව සිය ගිවිසුම් කාලය නිමා වීමත් සමග යළි බංග්ලාදේශය බලා පිටත්ව ගිය තවුහිද් හ්රිදෝයි වෙනුවට ක්‍රිස් ලින් කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මහනුවර කණ්ඩායමෙන් මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...