ඉන්දීය ක්‍රිකට් ආයතනය කෝටි 16,627 ක බදු ගෙවලා

Date:

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් පසුගිය වසර 5ක කාලය තුළ දී ඉන්දීය රුපියල් කෝටි 4,298 ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 16,627 ක පමණ අගයක් වනවා.

2021-22 මූල්‍ය වසරේ දී පමණක් ඔවුන් ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 1,159 ක්.

එය ඊට පෙර මූල්‍ය වර්ෂය හා සැසදීමේ දී 37% ක වර්ධනයක් බව සදහන්.

ඉන්දීය රාජ්‍ය සභාවේ දී අසන ලද පැනයකට ලිඛිතව පිළිතුරු ලබා දෙමින් මුදල් රාජ්‍ය අමාත්‍ය Pankaj Chaudhary මෙම තොරතුරු අනාවරණය කළා.

2020-21 මූල්‍ය වර්ෂයේ දී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය ඉන්දීය රුපියල් කෝටි 844.92 ක්.

ඒ, 2019-20 මූල්‍ය වර්ෂයේ දී ඔවුන් ඉන්දීය රුපියල් කෝටි 882.29 ක මුදලක් ආදායම් බදු ලෙස ගෙවා තිබූ පසුබිමකයි.

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය 2018-19 මූල්‍ය වර්ෂයේ දී රුපියල් කෝටි 815.08 ක බදු මුදලක් ද, 2017-18 මූල්‍ය වසරේ දී ඉන්දීය රුපියල් කෝටි 596.63 ක බදු මුදලක් ද ගෙවා තිබෙනවා.

2021-22 මූල්‍ය වර්ෂයේදී එරට ක්‍රිකට් පාලක මණ්ඩලය උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 7,606 ක්. වියදම සටහන්ව ඇත්තේ රුපියල් කෝටි 3,064 ක් ලෙසයි.

2020-21 මූල්‍ය වර්ෂයේ දී ක්‍රිකට් ආයතනයේ ආදායම රුපියල් කෝටි 4,735 ක් වූ අතර, වියදම රුපියල් කෝටි 3,080 ක් වූ බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...