“මේ තරුණ ශූරයින් සමඟ කාලය ගත කිරීම සිහින පිරුණු තණතීරුවක පිතිකරණයට සමානයි” : සචින්

Date:

යුනිසෙෆ් සංවිධානයේ දකුණු ආසියා කලාපීය තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන ඉන්දීය හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර් පසුගිය දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වුණා.

එහිදී ඔහු කෑගල්ල දිස්ත්‍රික්කයේ පෙර පාසල් හා පාසල් ළමයින් මුණ ගැසීම සදහා ප්‍රදේශ කිහිපයක සංචාරයක නිරත වූ අතර, ළමයින් සමග ක්‍රිකට් ක්‍රීඩා කිරීමට ද ඔහු අමතක කළේ නැහැ.

මෙම සංචාරවලින් පසුව සචින් සිය සමාජ මාධ්‍ය ගිණුම් වෙත සටහනක් තබමින් මෙලෙස අදහස් දක්වා තිබෙනවා.

“මේ තරුණ ශූරයන් සමඟ කාලය ගත කිරීම සිහින පිරුණු තණතීරුවක පිතිකරණයට සමානයි.

ඔවුන්ගේ බලාපොරොත්තුව, ධෛර්යය සහ ප්‍රීතිය ජීවිතයේ සැබෑ ජයග්‍රාහී පහරවල් වේ!

පෝෂණය, ක්‍රීඩාව සහ අධ්‍යාපනය තුළින් අපි හැමෝටම ඔවුන්ගේ සිහිනවලට තටු දෙන්න පුළුවන්.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...