Watch : “ක්‍රිකට් ගහන, බලන අය දන්නවා වෙනස; මම හිතන්නේ නෑ මම අසාර්ථකයි කියලා” : දසුන්

Date:

තමා අසාර්ථක පිතිකරුවෙකු යැයි තමා නොසිතන බව ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ හා ගෝල් ටයිටන්ස් කණ්ඩායමේ නායක දසුන් ශානක පවසනවා.

අද(10) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් දසුන් මේ බව සදහන් කළේ මාධ්‍යවේදියෙකු යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්.

“මම ක්‍රීඩා කරන්නේ අංක 6-7. මම හිතන්නේ මම ලංකාවෙ ක්‍රීඩා කරලා තියෙන තරගාවලි ගත්තොත් හැමවෙලේම ටොප් දෙක තුන ඇතුළෙ ඉන්නවා අංක 6-7 ක්‍රීඩා කරන ක්‍රීඩකයින් අතරින්.” යනුවෙන් දසුන් සදහන් කළා.

“මම ඒ ගැන වොරි වෙන්නේ නෑ. මම හිතන්නේ ක්‍රිකට් ගහන ක්‍රිකට් බලන කට්ටිය දන්නවා ගොඩක් අංක 6-7 ගහන අයගේ වෙනස මොකක්ද කියලා. තිසර අයියා ක්‍රීඩා කරද්දිත් ඒක තිබ්බා. ඇන්ජෙලෝ මැතිව්ස් ක්‍රීඩා කරද්දිත් ඒක තිබ්බා. ඊට පස්සේ ඇන්ජෙලෝ මැතිව්ස් උඩට ඇවිල්ලා ක්‍රීඩා කරා. ඒකෙන් තමයි ඔහුට ගොඩක් දක්ෂතා අතරට එන්න පුලුවන් උනේ. අපිට මේක වෙනස පේනවා වනිදු හසරංග අංක 3-4 ඇවිල්ලා ක්‍රීඩා කරද්දි මොකද්ද වෙනස කියලා.”

“මම හැමවෙලේම යන්නේ එක්කෝ මැච් එකක් දිනවන්න ඕනෙ, නැත්නම් මැච් එකක් වැටිලා තියෙන වෙලාවක. ඉතිං මම හැමවෙලේම සිටුවේෂන්වලට ගහන ක්‍රීඩකයෙක්. ඉතිං මම හිතන්නේ නෑ මම අසාර්ථකයි කියලා. සුදුසුකම් ලැබීමේ තරගාවලියේ දී මට ඇත්තටම දක්ෂතා දක්වන්න ලැබුණේ නැහැ. නමුත් මම අංක 6-7 ක්‍රීඩා කරන ආසියානු කලාපයේ ක්‍රීඩකයෙක් විදිහට දක්ෂතා අතර ඉදලා තියෙනවා.”

“මම හිතන්නේ ඒක ගැන වැඩිය වොරි වෙන්න ඕනේ නෑ. මොකද සිලෙක්ටර්ස්ලා ඉන්නවා, බෝර්ඩ් එකක් ඉන්නවා, ඒගොල්ලෝ තීරණය කරයි. මගේ කණ්ඩායම දක්ෂතා දක්වනවානම්, මට ඒක මෙහෙයවන්න පුලුවන්නම්, මගේ දක්ෂතා ඕනෙ වෙලාවෙදි මම ඩිලිවර් කරයි කියලා මම විශ්වාස කරනවා.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...