Watch : ප්‍රිත්වි ‌ෂෝ එක්දින ඉනිමක පන්දු 153 කින් ගහපු 244 මෙන්න

Date:

එංගලන්ත ප්‍රාන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය යටතේ පැවැති Northamptonshire කණ්ඩායම හා Somerset කණ්ඩායම අතර තරගයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් වාර්තා රැසක් අලුත් කිරීමට Northamptonshire කණ්ඩායමේ ඉන්දීය පිතිකරු ප්‍රිත්වි ෂෝ සමත් වුණා.

Northampton හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් Northamptonshire කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 415 ක් රැස් කළේ ප්‍රිත්වි ෂෝ වාර්තා කළ විශිෂ්ඨ ද්විත්ව ශතකයෙන් ශක්තිමත් වෙමින්.

පන්දු 153 කින් ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 244 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 11 ක් හා හතරේ පහර 28 ක් ඇතුළත්.

එය List A එක්දින තරග ඉතිහාසයේ පිතිකරුවෙකු වාර්තා කළ 6 වැනි ඉහළම ලකුණු සංඛ්‍යාවයි.

එමෙන්ම එංගලන්තයේ දී List A එක්දින තරගයකදී පිතිකරුවෙකු වාර්තා කළ දෙවැනි ඉහළම ලකුණු සංඛ්‍යාව වන්නේ ද එයයි.

තවද Northamptonshire පිතිකරුවෙකු List A එක්දින තරගයකදී රැස් කළ ඉහළම ලකුණු ප්‍රමාණය ලෙස ද ‌ෂෝගේ මෙම ඉනිම ඉතිහාසගත වුණා.

මෙම තරගයෙන් Northamptonshire කණ්ඩායම ලකුණු 87 ක ජයක් වාර්තා කළා.

ප්‍රිත්වි ෂෝගේ ඉනිම පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...