නවතම එක්දින හා 20යි 20 ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ

Date:

නවතම අයි.සී.සී එක්දින හා 20යි 20 ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(9) නිවේදනය කළා.

ඊට අනුව කොදෙව්වන්ට එරෙහි එක්දින තරගාවලියේ දී දක්ෂතා දැක් වූ ඉන්දියාවේ ෂුබ්මන් ගිල් එක්දින පිතිකරුවන් අතර 5 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

එක්දින පිතිකරුවන් අතර තවදුරටත් පෙරමුණේ පසුවන්නේ පාකිස්තානයේ බාබර් අසාම්.

ඉන්දියාවේ ඉෂාන් කිෂන් 36 වැනි ස්ථානය දක්වා ස්ථාන 9 කින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

ඉන්දීය දග පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් 10 වැනි ස්ථානය දක්වා පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 4 කින්.

මේ අතර, 20යි 20 පිතිකරුවන් අතර 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 6 කින් ඉදිරියට පැමිණීමට බටහිර ඉන්දීය කොදෙව් පිතිකරු නිකලස් පූරාන් සමත්ව තිබෙනවා.

රොව්මන් පවෙල් 32 වැනි ස්ථානය දක්වා එහි ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 17 කින්.

කොදෙව් වේග පන්දු යවන ක්‍රීඩක අල්සාරි ජෝසප් 20යි 20 පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි ස්ථාන 19 කින් ඉදිරියට පැමිණ ඇති අතර, ඔහු මේ වන විට 13 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

ඉන්දීය නවක පිතිකරු තිලක් වර්මා 20යි 20 පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්වලට ඇතුළත්ව ඇත්තේ එහි 46 වැනි ස්ථානය හිමි කර ගනිමින්.

කුල්දීප් යාදව් 20යි 20 පන්දු යවන්නන් අතර 51 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 36 කින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...