‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතියට පළමු තරග 13 න් මිලියන 4.5 ක්

Date:

2023 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දී මේ දක්වා රුපියල් මිලියන 4.5 ක මුදලක් රිජ්වේ ආර්යා ළමා රෝහලේ (LRH) ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීම වෙනුවෙන් එක්රැස් වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

තරගාවලියේ පළමු තරග 13 දී වාර්තා වූ හයේ පහර, හතරේ පහර හා නිලකුණු පන්දු ප්‍රමාණය අනුවයි එම මුදල එක්රැස් වී ඇත්තේ.

මේ වන විට පිතිකරුන් විසින් හයේ පහර 136 ක්, හතරේ පහර 339 ක් එල්ල කර ඇති අතර, වාර්තා වී ඇති නිලකුණු පන්දු ප්‍රමාණය 1176 ක්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සෑම හතරේ පහරකටම රුපියල් 4000 ක මුදලක් ද, සෑම හයේ පහරකටම රුපියල් 6000 ක මුදලක් ද, සෑම නිලකුණු පන්දුවකටම රුපියල් 2000ක මුදලක් ද ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කිරීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් ලැබෙන ආදායමෙන් කොටසක් ද ‘ලිට්ල් හාර්ට්ස්’ ව්‍යාපෘතිය සදහා පරිත්‍යාග කෙරෙනු ඇති.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...