සූර්යකුමාර්ගේ සුපිරි ප්‍රහාරය හමුවේ ඉන්දියාව පළමු ජය ලබයි

Date:

සූර්යකුමාර් යාදව් පන්දු 44 කින් ලබා ගත් ලකුණු 83 හමුවේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති තෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට සංචාරක ඉන්දීය කණ්ඩායම අද(8) සමත් වුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැත්වෙන තරග 5කින් යුත් 20යි 20 තරගාවලිය තවදුරටත් තරග 2-1 ක් ලෙස පෙරමුණ හිමි කර ගෙන සිටින්නේ කොදෙව් කණ්ඩායමයි.

ගයානා හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 5 ක් දැවී ලකුණු 159 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියේ පන්දුවාර 17.5 ක් අවසානයේ දී කඩුලු 3 ක් දැවී සිටියදී යි.(164/3)

අංක 3 පිතිකරු ලෙස පිටියට පිවිසෙමින් සුපිරි පිතිහරඹයක නිරත වූ සූර්යකුමාර්ගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 10 ක් ඇතුළත් වුණා.

සිය මංගල ජාත්‍යන්තර 20යි 20 තරගය ක්‍රීඩා කළ යශස්වි ජයිස්වාල් එක් ලකුණකට දැවී ගිය අතර, ෂුබ්මන් ගිල් ලබා ගත්තේ ලකුණු 6 ක් පමණයි.

තිලක් වර්මා නොදැවී ලකුණු 49 ක් රැස් කළේ පන්දු 37 ක් වැය කරමින්. හර්ඩික් පාන්ඩ්යා නොදැවී ලකුණු 20(15)යි.

පන්දු යැවීමේ දී අල්සාරි ජෝසප් ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගත්තා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ බ්‍රෙන්ඩන් කිංග් ලකුණු 42 ක් රැස් කළ අතර, රොව්මන් පවෙල් නොදැවී ලකුණු 40 ක් ලබා ගත්තා. ක්යල් මේයර්ස් ලකුණු 25 ක් ද, නිකලස් පූරාන් ලකුණු 20 ක් ද රැස් කළා.

පන්දු යැවීමේ දී කුල්දීප් යාදව් කඩුලු 3 ක් බිද හෙලුවේ ලකුණු 28 ක් ලබා දෙමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...