ජැෆ්නා කිංග්ස් බාබර්ගේ කොළඹට පහර දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 13 වැනි තරගයෙන් කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම පරදා කඩුලු 6ක ජයක් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(8) සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොළඹ කණ්ඩායමේ වැඩබලන නායක බාබර් අසාම් පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් රැස් කළා. නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල ආබාධයකට ලක්ව සිටීම හේතුවෙන් ඔහු මෙම තරගයට ක්‍රීඩා කළේ නැහැ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 14.3 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කර ගියා. (150/4)

රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 39(21) ක් රැස් කළේ හයේ පහර හා හතරේ පහර 3 බැගින් එල්ල කරමින්. චරිත් අසලංක ලකුණු 12(15)කටත්, නායක තිසර පෙරේරා ලකුණු 17(7) කටත් දැවී ගියා.

ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක පන්දු 32 කින් ලකුණු 46 ක් රැස් කරමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වුණා. ඔහුගේ ඉනිමට ද හයේ පහර හා හතරේ පහර 3 බැගින් ඇතුළත්.

තව්හිද් හ්රිදෝයි නොදැවී ලකුණු 18 ක් හා ඩේවිඩ් මිලර් නොදැවී එක් ලකුණක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් කඩුලු 2 ක් දවා ගත් අතර, මතිෂ පතිරණ හා ලක්ෂාන් සදකැන් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් ස්ට්‍රයිකර්ස් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට පැතුම් නිස්සංක හා බාබර් අසාම් සමත් වුණේ පන්දුවාර 7 ක් තුළ ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩ නගමින්.

පැතුම් ලකුණු 36(25) කට දැවී ගිය අතර, බාබර් ලකුණු 24(21) යි. පැතුම් විසින් තරගයේ පළමු පන්දු තුනටම තිසර පෙරේරාට එරෙහිව හතරේ පහර 3 ක් එල්ල කිරීම කැපී පෙනුණා.

නුවනිදු ප්‍රනාන්දු හා ඉෆ්ටිකාර් අහ්මඩ් ලකුණු 2 බැගින් ලබා සිටියදී දැවී ගියා. ඒ අනුව ඉනිමේ සිව්වැනි කඩුල්ල ලකුණු 69 ක්ව තිබියදී දැවී ගියේ දැවැන්ත ලකුණු සංඛ්‍යාවක් කරා යාමට කොළඹ කණ්ඩායමට තිබූ අවස්ථාව අවහිර කරමින්.

ලහිරු උදාර ලකුණු 29(25) ක්, මොහමඩ් නවාස් ලකුණු 27(20) ක් හා චාමික කරුණාරත්න නොදැවී ලකුණු 21(18) ක් රැස් කරමින් සිය කණ්ඩායම ගෞරවනීය ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී ඩිල්ෂාන් මදුෂංක හා දුනිත් වෙල්ලාලගේ කඩුලු 2 බැගින් දවා ගත්තා. මහීෂ් තීක්ෂණ, නුවන් තුෂාර හා ෂොයිබ් මලික් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...