සර්ෆ්‍රාස් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් පහතට

Date:

පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක, හිටපු නායක සර්ෆ්‍රාස් අහ්මඩ් එරට නව මධ්‍යම කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව “C” කාණ්ඩය දක්වා පහතට දමා ඇති බව වාර්තා වනවා.

2017 ශූරයින්ගේ කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් පාකිස්තාන කණ්ඩායමේ නායකයා ලෙස ද ඔහු කටයුතු කළ නමුත් 2019 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන්ම කණ්ඩායම ඉවත් වීමත් සමග ඔහුගේ නායකත්වය ප්‍රශ්න කිරීමකට භාජනය වුණා.

ඒ අනුව පසුගිය කොන්ත්‍රාත් ගිවිසුම්වලට අනුව “A”කාණ්ඩයේ රැදී සිටි සර්ෆ්‍රාස්ට මේ වන විට කණ්ඩායමේ නායකත්වය මෙන්ම ස්ථානය ද අහිමි වී අවසන්.

නව කොන්ත්‍රාත් ගිවිසුම් ලබන අගෝස්තු මාසයේ දී ලබා දීමට නියමිතයි.

මේ අතර, කොරෝනා වෛරසයේ බලපෑම හමුවේ වුවද, කොන්ත්‍රාත් ගත ක්‍රීඩකයින් රදවා ගැනීම අවම කිරීම සදහා හෝ ක්‍රීඩකයින්ගේ තරග ගාස්තු අවම කිරීම සදහා පාකිස්තාන ක්‍රිකට් ආයතනය තීරණයක් ගෙන නොතිබීම ද විශේෂත්වයක්.

පසුගිය අගෝස්තු මාසයේ දී එරට ක්‍රිකට් ආයතනය විසින් කොන්ත්‍රාත් ගිවිසුම් ලබා දීම ක්‍රීඩකයින් 32 සිට 19 දක්වා අවම කළා.

එහිදී මොහොමඩ් හෆීස් සහ ෂොයිබ් මලික් වැනි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයින්ට ද කොන්ත්‍රාත් ගිවිසුම් අහිමි වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...