උසාමාගේ තුන් ඉරියව් දක්ෂතා ඔරිජිනල්ස් පිලට විශිෂ්ඨ ජයක් ගෙනෙයි

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් Birmingham Phoenix කණ්ඩායම පරදා ලකුණු 49 ක ජයක් වාර්තා කිරීමට Manchester Originals කණ්ඩායම සමත් වුණා.

මැන්චෙස්ටර්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ බර්මිංහැම් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මැන්චෙස්ටර් කණ්ඩායම නියමිත පන්දු 100 නිමා කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 160 ක් ලබා ගනිමින්.

ජොස් බට්ලර් ලකුණු 43(33) යි. ජෙමී ඕවර්ටන් ලකුණු 22 ක් ද, ලොරී එවන්ස් හා ඇෂ්ටන් ටර්නර් ලකුණු 21 බැගින් ද ලබා ගත්තා. උසාමා මීර් පන්දු 14 ක් පමණක් වැය කරමින් නොදැවී ලකුණු 32 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අභියෝගාත්මක ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගියා. හයේ පහරක් හා හතරේ පහර 5ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

පන්දු යැවීමේ දී බෙනී හවෙල් ලකුණු 21 කට කඩුලු 3 ක් දවා ගත්තා. ඇඩම් මිල්න් කඩුලු 2 ක් බිද හෙලුවේ ලකුණු 33 ක් ලබා දෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බර්මිංහැම් කණ්ඩායමට පන්දු 98 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 111 ක් පමණයි.

ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 27(25) යි. පන්දු යැවීමේ දී ටොම් හාර්ට්ලි ලකුණු 13 කට කඩුලු 3 ක් බිද හෙලූ අතර, රිචර්ඩ් ග්ලීසන්, ජොෂ් ලිට්ල් හා උසාමා මීර් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...