මලික්ගේ ප්‍රහාරය පසෙකලා දඹුල්ල 134 රැක ගනියි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 11 වැනි තරගයෙන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පරදා ලකුණු 9 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම අද(7) සමත් වුණා.

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 125 ක් පමණයි.

චරිත් අසලංක ලකුණු 5කටත්, තව්හිද් හ්රිදෝයි ලකුණු නොලබා පළමු පන්දුවෙනුත්, රහ්මනුල්ලාහ් ගුර්බාස් ලකුණු 3කටත්, ඩේවිඩ් මිලර් ලකුණු 2 කටත් දැවී ගියා.

දුනිත් වෙල්ලාලගේ ලකුණු 16ක් රැස් කළ අතර, තිසර පෙරේරා ලකුණු 2කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ ෂොයිබ් මලික් පන්දු 53 කින් නොදැවී ලකුණු 74 ක් ලබා ගත්තේ හයේ පහර 6 ක් හා හතරේ පහර 5 ක් සමගින්.

අවසන් පන්දුවාරයේ දී තරගය ජය ගැනීමට ලකුණු 34 ක් අවශ්‍ය වූ පසුබිමක මලික් විසින් හයේ පහර 3 ක් හා හතරේ පහරක් සමගින් එම පන්දුවාරයේ දී ලකුණු 24 ක් ලබා ගැනීමට සමත් වීම කැපී පෙනුණා. (වයිඩ් ලකණු 2ක් ද සමගින්)

පන්දු යැවීමේ දී හසන් අලී ලකුණු 20 කට කඩුලු 3 ක් දවා ගත් අතර, බිනුර ප්‍රනාන්දු, නූර් අහ්මඩ් හා හෙයිඩ්න් කර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස අවිශ්ක ප්‍රනාන්දු ඉනිමේ පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී ගිය අතර, දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා සිටියදීම ඉනිමේ සිව්වැනි පන්දුවෙන් දැවී ගියා.

අනතුරුව සධීර සමරවික්‍රම ලකුණු 30 ක් රැස් කළේ පන්දු 25 කින්. කුසල් පෙරේරා පන්දු 36 කින් ලකුණු 41 ක් ලබා ගත්තා. ධනංජය ද සිල්වා ලකුණු 4 කට දැවී ගිය අතර, ඇලෙක්ස් රෝස් ලකුණු 5යි. ජනිත් ලියනගේ ලකුණු 6කට දැවී ගියා. හෙයිඩ්න් කර් නොදැවී ලකුණු 25(20)යි.

පන්දු යැවීමේ දී නුවන් තුෂාර හා ෂොයිබ් මලික් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...