පාකිස්තානයෙන් ඉන්දියාවට හා ක්‍රීඩා ලෝලීන්ට සුබ ආරංචියක්

Date:

ඉන්දියාවේ පැවැත්වීමට නියමිත 2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා පාකිස්තාන කණ්ඩායමට එක් වීමට පාකිස්තාන රජය විසින් අවසර ලබා දී තිබෙනවා.

කෙසේ වෙතත්, පාකිස්තාන රජය විසින් සිය ක්‍රිකට් කණ්ඩායමේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ඇති ගැටලු ජගත් ක්‍රිකට් කවුන්සලයේ (අයි.සී.සී) හා ඉන්දීය බළධාරීන්ගේ ද අවධානයට යොමු කිරීමටයි තීරණය කර ඇත්තේ.

“අපි අපේක්ෂා කරනවා ඉන්දීය සංචාරයේ දී පාකිස්තාන කණ්ඩායමට පූර්ණ ආරක්ෂාවක් සහතික කරාවි කියලා.” යනුවෙන් පාකිස්තාන විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කළා.

ක්‍රීඩාව දේශපාලනයට මිශ්‍ර නොකළ යුතු බව පාකිස්තානය අඛණ්ඩව දරන මතය බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

ඔක්තෝබර් 5 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී පාකිස්තාන කණ්ඩායම හයිදරාබාද්, අහ්මදාබාද්, බැංගලූරු, චෙන්නායි හා කොල්කටා හී දී මූලික වටයේ තරග ක්‍රීඩා කිරීමට නියමිතයි.

කෙසේ වෙතත්, පාකිස්තානය ක්‍රීඩා කරන ඇතැම් තරග සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයන් ද ඇති වූ බව වාර්තා වූ අතර, ඒ අනුව ඔක්තෝබර් 15 වැනිදා ඉන්දියාවට එරෙහිව අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතව තිබූ තරගය මේ වන විට ඔක්තෝබර් 14 වැනිදා පැවැත්වීමට ද තීරණය කර ඇති බව සදහන්.

ඒ, හින්දු උත්සවයක් වන නව රාත්‍රී උත්සවය ඔක්තෝම්බර් 15 වැනිදා ආරම්භ වීම නිසා එම තරගයට ආරක්ෂාව ලබා දීම සම්බන්ධයෙන් පැන නැගුණු ගැටලු හේතුවෙන්.

කෙසේ වෙතත්, ජගත් ක්‍රිකට් කවුන්සලය හෝ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම දින සංශෝදනය සම්බන්ධයෙන් මෙතෙක් නිල වශයෙන් නිවේදනය කර නැහැ.

එමෙන්ම එංගලන්තය හා පාකිස්තානය අතර කොල්කටා හී දී පැවැත්වීමට නියමිත තරගයේ ද දින සංශෝධනයක් සිදු කරන ලෙස මේ වන විට බෙංගාල ක්‍රිකට් සංගමය විසින් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා. එම තරගය නොවැම්බර් 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇති අතර, බෙංගාල ක්‍රිකට් සංගමය යෝජනා කර ඇත්තේ එය නොවැම්බර් 11 වැනිදා පැවැත්වීම සුදුසු බවයි.

ප්‍රධාන හින්දු උත්සවයක් 12 වැනිදාට යෙදී තිබීම නිසා කොල්කටා පොලීසිය විසින් අදාළ තරගයට ආරක්ෂාව ලබා දීම පිළිබද ගැටලුවක් පවතින බවට දැනුම් දී තිබීම මීට හේතු වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...