Watch : මෙන්ඩිස් හා චාමික අතර ඇති වූ උණුසුම් වචන හුවමාරුව මෙන්න

Date:

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය යටතේ කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම හා දඹුල්ල අවුරා කණ්ඩායම අතර අද(5) පැවැති 8 වැනි තරගයේ දී කොළඹ කණ්ඩායමේ චාමික කරුණාරත්න හා දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වුණා.

මෙම තරගයෙන් ස්ට්‍රයිකර්ස් පිල පරදා ලකුණු 10 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණේ දඹුල්ල අවුරා කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනූ ස්ට්‍රයිකර්ස් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසන් කළේ කඩුලු 6 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනිමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්ට්‍රයිකර්ස් පිලට පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 4 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 182 ක් පමණයි.

තරගයේ අවසන් පන්දුවාරයේ දී යි මෙන්ඩිස් හා චාමික අතර මෙම උණුසුම් වචන හුවමාරුව සිදු වුණේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...