ජෝර්ඩන් පන්දු 32 න් වාර්තා කළ 70* හමුවේ බ්‍රේව් පිලට තියුණු ජයක්

Date:

එංගලන්තයේ පැවැත්වෙන මෙවර හන්ඩ්‍රඩ් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් වෙල්ෂ් ෆයර් කණ්ඩායම පරදා ලකුණු දෙකක තියුණු ජයක් වාර්තා කිරීමට සදර්න් බ්‍රේව් කණ්ඩායම සමත් වුණා.

සවුත්හැම්ටන්හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ වෙල්ෂ් ෆයර් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් බ්‍රේව් කණ්ඩායම නියමිත පන්දු 100 අවසන් කළේ කඩුලු 8 ක් දැවී ලකුණු 147 ක් ලබා ගනිමින්.

ඉනිමේ 8 වැනි කඩුල්ල දැවී ගියේ මුළු ලකුණු පුවරුව ලකුණු 76 ක් ලෙස සටහන්ව තිබියදීයි. ෆින් ඇලන් ලකුණු 21 කටත්, ජේම්ස් වින්ස් හා Leus du Plooy ලකුණු 18 බැගින් ලබා සිටියදීත් දැවී ගියා.

කෙසේ වෙතත්, අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් සිය කණ්ඩායම සටන්කාමී ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන ගිය ක්‍රිස් ජෝර්ඩන් පන්දු 32 කින් නොදැවී වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 70 ක්. ඔහුගේ ඉනිමට හයේ පහර 7 ක් හා හතරේ පහර 3 ක් ඇතුළත්.

පන්දු යැවීමේ දී හැරිස් රවුෆ් ලකුණු 27 කට කඩුලු 3 ක් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වෙල්ෂ් ෆයර් කණ්ඩායමට පන්දු සියය අවසානයේ කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි.

Stephen Eskinazi හා ඩේවිඩ් විලී ලකුණු 31 බැගින් රැස් කළා. ලුක් වෙල්ස් ලකුණු 24 යි.

පන්දු යැවීමේ දී ක්‍රෙයිග් ඕවර්ටන්, ටිමාල් මිල්ස් හා රෙහාන් අහ්මඩ් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...