දුනිත් හා ගුර්බාස් LPL පෙරමුණට පහර දෙයි

Date:

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 7 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවූ ගෝල් ටයිටන්ස් කණ්ඩායම පරදා කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අද(4) සමත් වුණා.

මෙය ටයිටන්ස් කණ්ඩායම මෙවර තරග වාරයේ දී ලැබූ පළමු පරාජය වන අතර, කිංග්ස් කණ්ඩායම මෙවර තරගාවලියේ දී ලැබූ දෙවැනි ජයග්‍රහනයයි. මෙම ජයත් සමග කිංග්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට ද සමත් වුණා. (ප්‍රසාද ලකුණු සටහන පහතින්)

මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ පැවැති තරග‍යේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ටයිටන්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ දී කඩුලු 9 ක් දැවී ලබා ගත්තේ ලකුණු 117 ක් පමණයි.

ආරම්භක පිතිකරුවන් වූ ශෙවෝන් ඩැනියල් ලකුණු 25 ක් හා ලසිත් කෘෘස්පුල්ලේ ලකුණු 19 ක් රැස් කළා. භානුක රාජපක්ෂ පළමු පන්දුවෙන්ම දැවී ගියා.

ටිම් සයිෆර්ට් ලකුණු 18ක් රැස් කළ අතර, නායක දසුන් ශානක ලකුණු 30 ක් ලබා ගත්තේ පන්දු 24 කින් හයේ පහර හා හතරේ පහර 2 බැගින් එල්ල කරමින්. ශකිබ් අල් හසාන් ලකුණු 6කට දැවී ගියා.

පන්දු යැවීමේ දී සිය හොදම 20යි 20 පන්දු යැවීමේ දක්ෂතාවය ප්‍රදර්ශනය කළ දුනිත් වෙල්ලාලගේ ලකුණු 10කට කඩුලු 4 ක් දවා ගත්තා. ඔහු සිය පන්දුවාර 4 තුළ දී නිලකුණු පන්දු 17 ක් ද යොමු කිරීම කැපී පෙනුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කිංග්ස් කණ්ඩායම පන්දුවාර 12.4 ක් පමණක් වැය කරමින් කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ආරම්භක පිතිකරු චරිත් අසලංක ලකුණු 5 කට දැවී ගියා. ඔහුගේ ආරම්භක සගයා වූ රහ්මනුල්ලාහ් ගුර්බාස් පන්දු 39 කින් ලකුණු 54 ක් ලබා ගත්තා. ඒ, හයේ පහර 5 ක් හා හතරේ පහර 3 ක් සමගින්.

තව්හිද් හ්රිදෝයි නොදැවී ලකුණු 44 (23) ක් හා ඩේවිඩ් මිලර් නොදැවී ලකුණු 7 ක් ලබා ගනිමින් සිය කණ්ඩායමට ජය තහවුරු කර දුන්නා. හ්රිදෝයිගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 2ක් ඇතුළත් වුණා.

දැවී ගිය කඩුලු දෙකම දවා ගත්තේ ශකිබ් අල් හසාන් විසින්.

[team_standings 49368]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...