ඉන්දියාව හා කොදෙව්වන් වරද පිළිගනියි ; කණ්ඩායම් දෙකටම දඩ

Date:

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හා ඉන්දීය කණ්ඩායමට ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් දඩ නියම කර තිබෙනවා.

ඒ, දෙරට අතර ඊයේ(3) පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ දී කණ්ඩායම් දෙකම පන්දුවාර යවා නිමා කිරීමේ වේගය නියමිත පරිදි පවත්වා නොගැනීම හේතුවෙන්.

ඉන්දියාව නියමිත කාලය නිමා වන විට එක් පන්දුවාරයක් පිටුපසින් සිට ඇති අතර, ඒ අනුව ඔවුන්ට තරග ගාස්තුවෙන් 5% ක දඩ මුදලක් පනවා තිබෙනවා.

කොදෙව්වන් පන්දුවාර දෙකක් පිටුපසින් සිට ඇති අතර, ඒ අනුව කොදෙව් ක්‍රීඩකයින්ට තරග ගාස්තුවෙන් 10% ක දඩ මුදලක් නියම කිරීමටයි අයි.සී.සීය පියවර ගෙන ඇත්තේ.

කොදෙව් නායක රොව්මන් පවෙල් හා ඉන්දීය නායක හර්ඩික් පාන්ඩ්යා මෙම වරද පිළිගෙන ඇති බැවින් මේ සම්බන්ධයෙන් වැඩිදුර විභාගයක් සිදු වන්නේ නැහැ.

පළමු 20යි 20 තරගයෙන් ඉන්දියාව පරදා ලකුණු 4 ක තියුණු ජයක් වාර්තා කළ කොදෙව්වන් තරග 5කින් යුත් තරගාවලිය මේ වන විට තරග 1-0 ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...