නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් නිවේදනය කෙරේ ; දිමුත්, ප්‍රභාත් පසු බසියි

Date:

නවකම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම් ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අද(2) නිවේදනය කළා.

ඊට අනුව එංගලන්ත-ඔස්ට්‍රේලියා අළුබදුන ටෙස්ට් තරගාවලියේ අවසන් තරගයේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණ තිබෙනවා.

හිටපු එංගලන්ත නායක ජෝ රූට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හි දෙවැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ඉදිරියට පැමිණ තිබෙනවා. තවදුරටත් එහි පෙරමුණේ පසුවන්නේ නවසීලන්තයේ කේන් විලියම්සන්.

එංගලන්තයේ හැරී බෘෘක් 9 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ඉදිරියට පැමිණ ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ. අළුබදුන තරගාවලියේ දී ඔහු රැස් කළ ලකුණු සංඛ්‍යාව 363 ක්.

ඔස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් තෙවැනි ස්ථානය දක්වා ස්ථාන 3 කින් ද, උස්මාන් කවාජා 7 වැනි ස්ථානය දක්වා එක් ස්ථානයකින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

9 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා ටෙස්ට් නායක දිමුත් කරුණාරත්න මේ වන විට රැදී සිටින්නේ 11 වැනි ස්ථානයේයි.

ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම් පෙරමුණ තවදුරටත් ඉන්දියාවේ ආර්. අශ්වින් රැක ගෙන සිටින අතර, පසුගියදා ක්‍රිකට් පිටියෙන් සමුගත් එංගලන්තයේ ස්ටුවට් බ්‍රෝඩ් එහි සිව්වැනි ස්ථානය දක්වා ස්ථාන 4කින් ඉදිරියට පැමිණ තිබෙනවා. බ්‍රෝඩ් අළුබදුන තරගාවලියේ දී බිද හෙලූ කඩුලු ගණන 22 ක්.

ක්‍රිස් වෝක්ස් 23 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ද, ඔස්ට්‍රේලියාවේ මිචෙල් ස්ටක් සම 12 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකකින් ද ඉදිරියට පැමිණ ඇති බව සදහන්. ස්ටක් අළුබදුන තරගාවලියේ දී කඩුලු 23 ක් දවා ගැනීමට සමත් වුණා.

මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ දී දක්ෂතා දැක් වූ පාකිස්තානයේ අබ්දුල්ලාහ් ශෆික් පිතිකරුවන් අතර 21 වැනි ස්ථානය දක්වා ස්ථාන 27 කින් ද, මොහමඩ් රිස්වාන් සම 29 වැනි ස්ථානය දක්වා ස්ථාන 4 කින් ද, ආගා සල්මන් 35 ස්ථානය දක්වා ස්ථාන 23 කින් ද ඉදිරියට පැමිණ තිබෙනවා.

පාකිස්තාන වේග පන්දු යවන ක්‍රීඩක නසීම් ශාම් ස්ථාන 7 කින් පන්දු යවන්නන් අතර ඉදිරියට පැමිණ ඇති අතර, ඔහුට මේ වන විට හිමිව ඇත්තේ සම 37 වැනි ස්ථානයයි.

වමත් දග පන්දු යවන ක්‍රීඩක නෝමන් අලී 42 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ ඇත්තේ ස්ථාන 13 කින්.

ටෙස්ට් පන්දු යවන්නන් අතර 7 වැනි ස්ථානයේ රැදී සිටි ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය මේ වන විට 11 වැනි ස්ථානයේ රැදී සිටිනවා.

මේ අතර, එක්දින පන්දු යවන්නන් අතර 14 වැනි ස්ථානය දක්වා ස්ථාන 8කින් ඉදිරියට පැමිණීමට ඉන්දියාවේ කුල්දීප් යාදව් සමත්ව ඇති අතර, පිතිකරුවන් අතර සම 45 වැනි ස්ථානය දක්වා ඉෂාන් කිෂන් ස්ථාන 15 කින් ඉදිරියට පැමිණ තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...