එංගලන්තයෙන් ප්‍රසාද ලකුණු 19 ක් හා ඔස්ට්‍රේලියාවෙන් 10 ක් කපා හරියි

Date:

අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී නියමිත කාලය තුළ දී පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් එංගලන්තයට හා ඔස්ට්‍රේලියාවට දැඩි දඩුවමකට ලක් වීමට සිදුව තිබෙනවා.

ඒ අනුව තරගාවලියේ තරග පහෙන් තරග 4කදී මෙම වරද සිදු කිරීම හේතුවෙන් අයි.සී.සී ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනෙන් එංගලන්තයට හිමිව ඇති ප්‍රසාද ලකුණු 19 ක් කපා හැරීමටයි ජගත් ක්‍රිකට් කවුන්සලය පියවර ගෙන ඇත්තේ.

ඔස්ට්‍රේලියාවෙන් කපා හැර ඇති ප්‍රසාද ලකුණු සංඛ්‍යාව 10 ක්. එම ලකුණු 10 ම ඔවුන්ට අහිමි වුණේ සිව්වැනි ටෙස්ට් තරගයේ දී යි.

එංගලන්තයට පළමු තරගයෙන් ප්‍රසාද ලකුණු 2 ක් ද, දෙවැනි ටෙස්ට් තරගයෙන් ප්‍රසාද ලකුණු 9 ක් ද, සිව්වැනි ටෙස්ට් තරගයෙන් ප්‍රසාද ලකුණු 3 ක් ද, 5 වැනි තරගයෙන් ප්‍රසාද ලකුණු 5 ක් ද අහිමි වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව අළුබදුන තරගාවලියේ දී ප්‍රසාද ලකුණු 28 ක් දිනා ගත් නමුත්, ඉන් 10ක් කපා හැරීම හේතුවෙන් ඔවුන්ට අළුබදුන තරගාවලියෙන් හිමි වුණේ ප්‍රසාද ලකුණු 18 ක් පමණයි.

එංගලන්තය ද ප්‍රසාද ලකුණු 28 ක් හිමි කර ගත්තා. කෙසේ වෙතත්, ඔවුන්ට ප්‍රසාද ලකුණු 19 ක් අහිමි වීම හේතුවෙන් මේ වන විට ලැබී ඇත්තේ ප්‍රසාද ලකුණු 9ක් පමණයි.

මීට අමතරව නියමිත කාලය තුළ දී පන්දුවාර යවා නිමා නොකිරීම හේතුවෙන් ඔස්ට්‍රේලියාවට මෙම තරගාවලියේ දී තරග ගාස්තුවෙන් 50%ක දඩ මුදලක් ද නියම කෙරුණා.

එංගලන්තයට පළමු තරගයේ දී 10% ක දඩ මුදලක් ද, දෙවැනි තරගයේ දී 45% ක දඩ මුදලක් ද, සිව්වැනි තරගයේ දී 15% ක දඩ මුදලක් ද, පස්වැනි තරගයේ දී 25% ක දඩ මුදලක් ද පනවා තිබෙනවා.

ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ප්‍රසාද ලකුණු සටහන –

ICC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...