ජීවත්ව සිටි ලොව වයස්ගතම පළමු පෙළ ක්‍රිකට් ක්‍රීඩකයා මියයයි

Date:

ඉන්දීය හිටපු පළමු පෙළ ක්‍රීඩකයෙකු වූ Rustom Cooper අභාවප්‍රාප්ත වී තිබෙනවා. මිය යන විට ඔහුගේ වයස අවුරුදු 100 යි දින 229 ක්.

මියයන අවස්ථාව වන විට Rustom Cooper සැලකුණේ ජීවත්ව සිටින ලොව වයස්ගතම පළමුපෙළ ක්‍රිකට් ක්‍රීඩා කළ පුද්ගලයා ලෙසයි.

1922 වසරේ දෙසැම්බර් 14 වැනිදා බොම්බේ හී දී උපත ලැබූ ඔහු 1941 වසරේ සිට 1951 වසර දක්වා වූ කාලයේ දී පළමු පෙළ තරග ක්‍රීඩා කර තිබුණා.

එහිදී පළමු පෙළ තරග 22 කදී ඔහු රැස් කර තිබූ ලකුණු සංඛ්‍යාව 1205 ක්. ඉනිමක සාමාන්‍ය සටහන්ව තිබුණේ 52.39 ලෙසයි.

ඔහු මුම්බායි හි සිය නිවසේ නිදා සිටියදී මියගොස් තිබූ බවයි වාර්තා වන්නේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...