හෙට්මයර්ට කැදවීමක් ; කොදෙව් 20යි 20 සංචිතයට වෙනස්කම් රැසක්

Date:

ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන බටහිර ඉන්දීය කොදෙව් සංචිතය නම් කර තිබෙනවා.

රොව්මන් පවෙල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

20යි 20 සංචිතය සදහා ෂේයි හෝප්, ශිම්රන් හෙට්මයර් හා ඔෂේන් තෝමස් යළි කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මාර්තු මාසයේ දී දකුණු අප්‍රිකාවේ දී පැවැති 20යි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් කොදෙව් සංචිතයට ඇතුළත්ව සිටි ශමා බෘක්ස්, රෙයිමන් රෙයිෆර්, ශෙල්ඩන් කොට්‍රෙල් හා යනික් කරීයහ් (Yannic Cariah) සංචිතයෙන් ඉවත් කිරීමට එරට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලිය එළඹෙන 3 වැනිදා සිට 13 වැනිදා දක්වා කොදෙව් දූපත් හී දී හා ඇමෙරිකාවේ දී පැවැත්වීමට නියමිතයි.

West Indies squad :

Rovman Powell (c), Kyle Mayers (vc), Johnson Charles, Roston Chase, Shimron Hetmyer, Jason Holder, Shai Hope, Akeal Hosein, Alzarri Joseph, Brandon King, Obed McCoy, Nicholas Pooran, Romario Shepherd, Odean Smith, Oshane Thomas

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...