“ස්ටොක්ස් ආයෙත් මට මැසේජ් කරොත්, මම ඒක ඩිලීට් කරනවා” : මොයීන් අලී

Date:

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ඔස්ට්‍රේලියාවට එරෙහිව පැවැති පස්වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගය තම අවසන් ටෙස්ට් තරගය බවත්, ඒ අනුව තමා යළි ටෙස්ට් පිටියෙන් සමු ගන්නා බවත් මොයීන් අලී පවසනවා.

පස්වැනි තරගයේ දෙවැනි ඉනිමේදී මොයීන් ලකුණු 76 කට කඩුලු 3 ක් දවා ගනිමින් එම තරගයෙන් එංගලන්තයට ජය ගැනීම සදහා සිය දායකත්වය ද ඉහළ මට්ටමින් ලබා දුන්නා.

ඔහු ටෙස්ට් තරග 68 කදී ලකුණු 3,094 ක් වාර්තා කර ඇති අතර, එහිදී කඩුලු 204 ක් ද බිද හෙලා තිබෙනවා. ශතක 5 ක් ඔහුගේ ටෙස්ට් දිවියට ඇතුළත්.

මොයීන් අලී 2021 වසරේ දී ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගත් නමුත්, මෙවර අළුබදුන තරගාවලියට පෙර ජැක් ලීච් ආබාධයකට ලක් වීම හේතුවෙනුයි අලී යළි ටෙස්ට් පිටියට පිවිසියේ. ඒ, නායක බෙන් ස්ටොක්ස් කළ ආරාධනාවකට අනුවයි.

“ස්ටොක්ස් ආයෙත් මට මැසේජ් කරොත්, මම ඒක ඩිලීට් කරනවා” යනුවෙන් මොයීන් අලී සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...