ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පාකිස්තාන-ඇෆ්ඝනිස්තාන තරගාවලියේ කාලසටහන නිවේදනය කෙරේ

Date:

පාකිස්තානයට එරෙහිව ඇෆ්ඝනිස්තානයේ සත්කාරක අයිතිය යටතේ පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට තීරණය කර ඇති බව ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය අද(31) රාත්‍රියේ නිවේදනය කළා.

ඒ අනුව තරගාවලිය අගෝස්තු 22 වැනිදා සිට මෙරට දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

දෙවැනි එක්දින තරගය අගෝස්තු 24 වැනිදා ද, තෙවැනි එක්දින තරගය 26 වැනිදා ද පැවැත්වීමට නියමිතයි.

පළමු එක්දින තරග දෙක හම්බන්තොට දී පැවැත්වෙන බවයි ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

තෙවැනි හා අවසන් එක්දින තරගය කොළඹ දී පැවැත්වීමට නියමිතයි.

ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය මෙම එක්දින තරගාවලිය අවසන් වී දින 4කින්, එනම් අගෝස්තු 30 වැනිදා සිට පාකිස්තානයේ දී හා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...