ස්මිත්ගේ 71 හමුවේ ඔස්ට්‍රේලියාව පළමු ඉනිමේ පෙරමුණ ගනියි

Date:

ස්ටීවන් ස්මිත් රැස් කළ ලකුණු 71 හමුවේ එංගලන්තය සමග පැවැත්වෙන 5 වැනි අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිමේ පෙරමුණ හිමි කර ගනිමින් දෙවැනි දිනය අවසන් කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් වුණා.

කෙසේ වෙතත්, දෙවැනි දිනය නිමා වුණේ ඔස්ට්‍රේලියාව සියලු දෙනා දැවී ලකුණු 295 ක් ලබා සිටියදීයි.

එංගලන්තයේ ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්ට්‍රේලියාවේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 283 ක්. හැරී බෘෘක් ලකුණු 85 ක් හා බෙන් ඩකට් ලකුණු 41 ක් රැස් කළා. පන්දු යැවීමේ දී මිචෙල් ස්ටක් කඩුලු 4 ක් බිද හෙලුවේ ලකුණු 82 ක් ලබා දෙමින්.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ස්මිත් ලකුණු 71 ක් ලබා ගත්තේ පන්දු 123 කින්. ඒ, හතරේ පහර 6 ක් සමගින්. උස්මාන් කවාජා ලකුණු 47 යි.

පැට් කමින්ස් ලකුණු 36 ක් හා ටොඩ් මර්ෆි ලකුණු 34 ක් ලබා ගනිමින් පසුපෙල ශක්තිමත් කළා. මර්ෆිගේ ඉනිම හයේ පහර 3කින් හා හතරේ පහර 2කින් වර්ණවත් වීම කැපී පෙනුණා.

පන්දු යැවීමේ දී ක්‍රිස් වෝක්ස් කඩුලු 3 ක් බිද හෙලූ අතර, ස්ටුවට් බ්‍රෝඩ්, මාර්ක් වුඩ් හා ජෝ රූට් කඩුලු 2 බැගින් දවා ගත්තා.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සිය පළමු ඉනිම නිමා වන විට ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 12 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...