Watch : බ්‍රෝඩ්ගේ බෙල්ස් මාරු කළ උපක්‍රමය පල දරයි, මනස වෙනස් වූ ලබුෂේන් දැවී ගිය හැටි මෙන්න

Date:

එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබදුන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දෙවැනි දිනය අදයි(28).

ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගය අද දිනයට ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඔස්ට්‍රේලියාව එක් කඩුල්ලක් දැවී ලකුණු 61 ක් ලබා සිටියා. ඒ, තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්තය රැස් කළ ලකුණු 283 ට පිළිතුරු වශයෙන්.

අද දිනයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගැනීමට සමත් වූ සිදු වීම බවට පත් වුණේ මර්නස් ලබුෂේන්ගේ දැවී යාමයි.

පළමු ස්ලිප්හි පන්දු රකිමින් සිටි ජෝ රූට් රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි ඔහු ලකුණු 9(පන්දු 82)කට දැවී ගියේ.

විශේෂත්වය වූයේ මාර්ක් වුඩ් විසින් එම පන්දුව යොමු කිරීමට පෙර ස්ටුවට් බ්‍රෝඩ් විසින් පිතිකරණ අන්තයේ කඩුල්ලෙහි ඇති බෙල්ස් සිය අතට ගෙන එම බෙල්ස් පැති මාරු කර යළි කඩුල්ලෙහි තැබීමෙන් පසුව මෙම දැවී යාම සිදු වීමයි.

ලබුෂේන්ගේ අවධානය බිද දැමීමේ අරමුණින් මෙය සිදු කළ බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙන අතර, එම සිද්ධියෙන් පසුව යොමු කෙරුණු පළමු පන්දුවෙන්ම ලබුෂේන් දැවී ගියා.

දැවී යාමෙන් අනතුරුව පන්දු 82 ක් පුරා ඉවසිලිමත්ව පිතිකරණයේ නිරත වූ ලබුෂේන් පිටියෙන් ඉවත් වීමට පෙර විනිසුරුවන්ට ද අදාළ සිද්ධිය පිළිබද පැමිණිලි කරන ආකාරයක් දැක ගත හැකි වුණා.

එම කඩුල්ලේ දර්ශන හා බ්‍රෝඩ් සිදු කළ ක්‍රියාවේ දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...