බුම්රා සූදානම් ; ඉන්දියාවට නව නායකයෙකුත් අවශ්‍ය වෙලා

Date:

ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රිට් බුම්රා මේ වන විට ක්‍රීඩා කිරීමට සුදුසු පූර්ණ ශාරීරික යෝග්‍යතාවයකින් පසුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් පවසනවා.

ඒ අනුව ඔහු අයර්ලන්තයට එරෙහිව පැවැත්වීමට නියමිත 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි ලේකම්වරයා සදහන් කළේ.

අගෝස්තු 18, 20 හා 23 වැනිදා අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය අයර්ලන්තයේ ඩබ්ලින් හී දී පැවැත්වීමට නියමිතයි.

බුම්රා අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. අනතුරුව ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් බුම්රාට නවසීලන්තයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

මේ අතර, අයර්ලන්තයට එරෙහි තරගාවලිය සදහා ඇතැම් විට නව නායකයෙකු යටතේ ඉන්දීය කණ්ඩායම තරග වැදීමට ඉඩ ඇති බව විදෙස් ක්‍රීඩා මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, අගෝස්තු 30 වැනිදා ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අරමුණු කර ගනිමින් අගෝස්තු මස අවසාන සතියේ දී ඉන්දීය කණ්ඩායම පුහුණු කදවුරකට එක්වීමට නියමිතව ඇති බැවින්.

පසුගිය තරගාවලියන් හී දී ඉන්දීය 20යි 20 කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ හර්ඩික් පාන්ඩ්යා ද එම පුහුණු කදවුරට එක් වීමට නියමිතව ඇති බැවිනුයි අයර්ලන්ත තරගාවලිය සදහා වෙනන් නායකයෙකු යටතේ 20යි 20 සංචිතයක් නම් කිරීමට අවධානය යොමුව ඇත්තේ.

කෙසේ වෙතත්, බුම්රා අයර්ලන්ත හා ආසියානු කුසලාන යන තරගාවලි දෙක සදහාම ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...