මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සදහා වන ජැෆ්නා කිංග්ස් සංචිතය සදහා නව දේශිය ක්‍රීඩකයින් දෙදෙනෙකු ඇතුළත් කර තිබෙනවා.
එම කණ්ඩායම අද (27) පස්වරුවේ නිවේදනය කළේ ප්‍රියමාල් පෙරේරා හා රවීන් ද සිල්වා එලෙස සිය සංචිතය සමග එක්ව ඇති බවයි.
දකුණත් පිතිකරුවෙකු වන ප්‍රියමාල් පෙරේරා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම ද එක්දින තරග දෙකකදී නියෝජනය කර තිබෙනවා.
දකුණත් පාදග පන්දු යවන්නෙකු හා දකුණත් පිතිකරුවෙකු වන 20 හැවිරිදි රවීන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩාමේ නායකත්වය ද දරනු ලැබුවා.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන 30 වැනිදා සිට අගෝස්තු 20 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

