මැලේසියාවේ Idrus ගෙන් 20යි 20 නව ලෝක වාර්තාවක්

Date:

20යි 20 ජාත්‍යන්තර තරගයකදී කඩුලු 7ක් දවා ගත් පළමු පන්දු යවන්නා බවට පත් වීමට මැලේසියානු වේග පන්දු යවන ක්‍රීඩක Syazrul Idrus සමත් වුණා.

20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙස මැලේසියාවේ ක්වාලාලම්පූර් හී දී පැවැත්වෙන ආසියානු B සුදුසුකම් ලැබීමේ තරගාවලියේ (T20 World Cup Asia B Qualifier) පළමු තරගයේ දී චීනයට එරෙහිවයි ඔහු මෙම දක්ෂතාවය දක්වනු ලැබුවේ.

ඔහු දවා ගත් කඩුලු හතම පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් දැවී යාම විශේෂත්වයක්.

සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 8ක් පමණක් ප්‍රතිවාදීන්ට ලබා දෙමිනුයි Syazrul Idrus අදාළ කඩුලු 7 දවා ගත්තා.

ඔහුට පෙර 20යි 20 ජාත්‍යන්තර තරගයකදී හොදම පන්දු යැවීමේ දක්ෂතාවය දක්වා තිබුණේ නයිජීරියාවේ Peter Aho. ඔහු සියෙරා ලියෝන් රටට එරෙහිව ලකුණු 5කට කඩුලු 6 ක් දවා ගෙන තිබුණා.

චීනය හා මැලේසියාව අතර අද පැවැති තරගයෙන් මැලේසියාව කඩුලු 8ක ජයක් වාර්තා කළා. තරගයේ පළමුව පන්දුවට පහරදුන් චීනය පන්දුවාර 11.2 කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 23 ක් පමණයි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ මැලේසියාව පන්දුවාර 4.5 කදී කඩුලු 2 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...