Lunch Report : ශෆික්ගේ නොදැවුණු ශතකය ශ්‍රී ලංකාව තවදුරටත් අසරණ කරයි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 3 ක් දැවී ලකුණු 273 ක් ලබා සිටියා.

ඒ අනුව අද දිනයට තරගය ආරම්භ වූ අවස්ථාවේ සිට දිවා ආහාරය දක්වා වූ කාලයේ දී පාකිස්තානය පන්දුවාර 32.3 ක් තුළ කඩුල්ලක් දැවී ලකුණු 95 ක් ලබා ගැනීමට සමත් වුණා.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින අබ්දුල්ලාහ් ශෆික් ලකුණු 137 ක් හා සවුද් ශකීල් ලකුණු 32 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ශෆික් අද වාර්තා කළේ සිය සිව්වැනි ටෙස්ට් ශතකයයි.

අද දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහු ලකුණු 39 ක් ලබා සිටියදීයි ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ. බාබර් හා ශෆික් අතර තෙවැනි කඩුල්ලට ලකුණු 89 (157)ක සම්බන්ධතාවයක් ගොඩ නැගුණා.

අනතුරුව මේ දක්වා ශෆික් හා ශකීල් අතර සිව්වැනි කඩුල්ලට ගොඩ නැගී ඇති නොබිදුණු සම්බන්ධතාවය ලකුණු 63 ක්.

පාකිස්තාන ඉනිම වෙනුවෙන් ශාන් මසූඩ් ලකුණු 51 ක් රැස් කළ අතර, ඉමාම් උල් හක් ලකුණු 6කට දැවී ගියා.

පන්දු යැවීමේ දී අසිත ප්‍රනාන්දු කඩුලු 2 ක් හා ප්‍රභාත් ජයසූරිය එක් කඩුල්ලක් බිද හෙලා තිබෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 48.4 කදී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 166 ක් පමණයි.

ධනංජය ද සිල්වා ලකුණු 57 ක් ලබා ගත් අතර, දිනේෂ් චන්දිමාල් ලකුණු 34 යි. පන්දු යැවීමේ දී අබ්‍රාර් අහ්මඩ් ලකණු 69 කට කඩුලු 4 ක් හා නසීම් ශාහ් ලකුණු 41 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

ඒ අනුව පාකිස්තානය මේ වන විට පළමු ඉනිමේ දී ඉදිරියෙන් පසුවන ලකුණු සංඛ්‍යාව 107 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...