Watch : ප්‍රභාත්ගේ තර්ජනාත්මක පන්දු යැවීම හමුවේ බාබර් 6 වැනි වරටත් දැවී ගිය හැටි

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි(26).

අද දිනය සදහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුලු 2 ක් දැවී ලකුණු 178 ක් ලබා සිටියා.

දිනයේ පළමු කඩුල්ල ලෙස නායක බාබර් අසාම් දවා ගැනීමට ප්‍රභාත් ජයසූරිය සමත් වුණා. ඔහු ලකුණු 39 ක් ලබා සිටියදීයි ප්‍රභාත්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වී දැවී ගියේ.

අද දිනයේ දී ප්‍රභාත් ජයසූරිය ඉතා තර්ජනාත්මක පන්දු යැවීමක නිරත වෙමින් පාකිස්තාන පිතිකරුවන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සමත් වුණා.

මේ වන විට ටෙස්ට් පිටියේ දී ප්‍රභාත් හමුවේ බාබර් අසාම් ඉනිම් 7ක් තුළ අවස්ථා 6කදී දැවී ගොස් තිබීම විශේෂත්වයක්. මෙම තරගාවලියේ ඉනිම් තුනේ දී ම බාබර් දැවී ගියේ ප්‍රභාත්ගේ පන්දු හමුවේයි.

බාබර් දැවී යාමට පෙර අද දිනයේ දී අබ්දුල්ලාහ් ශෆික් සිය ශතකය සම්පූර්ණ කිරීමට ද සමත් වුණා.

බාබර් අසාම් දැවී ගිය අයුරු පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...