කොදෙව්වන්ට ලකුණු 365 ක ඉලක්කයක්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය මෙරට වේලාවෙන් අද(24) අලුයම නිමා වුණේ තරගයේ වැඩි පාලනය ඉන්දියාවට හිමි කරමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 365 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි කොදෙව්වන් කඩුලු 2 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 76 ක්. ඒ අනුව කොදෙව්වන් තරගය ජය ගැනීම සදහා තවත් ලකුණු 289 ක් ලබා ගත යුතුයි.

නොදැවී පන්දුවට පහර දෙමින් සිටින ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 24 ක් හා ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 28 කට දැවී ගිය අතර, Kirk McKenzie ලකුණු නොලබා දැවී ගියා. එම කඩුලු දෙකම දවා ගත්තේ රවිචන්ද්‍රන් අශ්වින් විසින්.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුලු 5 ක් දැවී ලකුණු 229 ක් ලබා සිටි නමුත්, කොදෙව් කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 255 කට දවා ගැනීමට ඉන්දීය පන්දු යවන්නන් සමත් වුණා.

නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 75 (235) ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 60 කට කඩුලු 5 ක් දවා ගත්තා. මුකේෂ් කුමාර් හා රවීන්ද්‍ර ජඩේජා කඩුලු 2 බැගින් දවා ගත්තා.

අනතුරුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ ඉන්දියාව කඩුලු 2 ක් දැවී ලකුණු 181 ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමට තීරණය කළා.

රෝහිත් ෂර්මා ලකුණු 57 (පන්දු 44) ක් ද, යශස්වි ජයිස්වාල් ලකුණු 38 (පන්දු 30) ක් ද රැස් කළා. ඉෂාන් කිෂන් පන්දු 34 කින් නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 52 ක්. ෂුබ්මන් ගිල් නොදැවී ලකුණු 29යි.

ට්‍රිනිඩෑඩ්හි Port of Spain හීදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට ලකුණු 438 ක් රැස් කළා. විරාත් කෝලි ලකුණු 121 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. රෝහිත් ෂර්මා ලකුණු 80 යි. පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජොමෙල් වොරිකන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...