Lunch Report : ශ්‍රී ලංකාවෙන් දෙවැනි ටෙස්ට් තරගයටත් අසාර්ථක ආරම්භයක්

Date:

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(24) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 4 ක් දැවී ලකුණු 79 ක් ලබා සිටියා. නොදැවී පන්දුවට පහර දෙන ධනංජය ද සිල්වා ලකුණු 33 ක් හා දිනේෂ් චන්දිමාල් ලකුණු 9 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

ඉනිම ආරම්භ කළ නිශාන් මදුෂ්ක ලකුණු 4 කට දුවද්දී දැවී ගියා. යළි අසාර්ථක වූ කුසල් මෙන්ඩිස් රැස් කළේ ලකුණු 6 ක් පමණයි. ඇන්ජෙලෝ මැතිව්ස් ලකුණු 9කටත්, දිමුත් කරුණාරත්න ලකුණු 17 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී නසීම් ශාහ් කඩුලු 2 ක් හා ශහීන් ශාහ් අෆ්රිඩි කඩුල්ලක් බිද හෙලුවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව වෙනුවෙන් වෙනස්කම් දෙකක් සිදු කර තිබෙනවා. ඒ අනුව ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ අසිත ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

වමත් වේග පන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මදුෂංක ද මෙම තරගයේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීම විශේෂත්වයක්.

ඔවුන් දෙදෙනාගේ නම් කිරීමත් සමග කණ්ඩායමේ ස්ථාන අහිමි වුණේ කසුන් රාජිතට හා විශ්ව ප්‍රනාන්දුටයි.

පාකිස්තාන කණ්ඩායමෙන් මෙම තරගය සදහා කිසිදු වෙනස්කමක් සිදු කර නැහැ.

වර්ෂාව හේතුවෙන් තරගය නියමිත පරිදි පෙරවරු 10 ට ආරම්භ කිරීමට නොහැකි වූ අතර, තරගය පෙරවරු 10.30 ටයි ආරම්භ කිරීමට සිදු වුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...