දෙවැනි ටෙස්ට් තරගයට සිදු වෙන වෙනස්කම් ගැන පුහුණුකරු කතා කරයි

Date:

පාකිස්තානය සමග හෙට(24) කොළඹ දී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී වෙනස්කම් දෙකක් පමණ ශ්‍රී ලංකා කණ්ඩා‍යමට සිදු කිරීමට අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් පවසනවා.

හෙට තරගය සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා කොළඹ දී අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

කෙසේ වෙතත්, සිදු වන වෙනස්කම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුහුුණුකරු වැඩිදුර තොරතුරු මෙහිදී අනාවරණය කළේ නැහැ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද නිවේදනය කළේ ඩෙංගු රෝගය වැළදීම හේතුවෙන් පළමු ටෙස්ට් තරගය ක්‍රීඩා කිරීමට නොහැකි වූ වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු දෙවැනි ටෙස්ට් තරගය සදහා වන ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පාකිස්තානය කඩුලු 4 ක ජයක් වාර්තා කළ අතර, දෙවැනි තරගය හෙට (24) කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

පළමු ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීම දුර්වල මට්ටමක පැවැති අතර, ඒ අනුව ඒ සම්බන්ධයෙන් ද මේ වන විට වැඩි අවධානයක් යොමු කර ඇති බවයි ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...