කොදෙව්වන් ලකුණු 209 ක් පිටුපසින්

Date:

සංචාරක ඉන්දීය කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය මෙරට වේලාවෙන් අද(23) අලුයම නිමා වුණා.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව්වන් කඩුල්ලක් දැවී ලකුණු 86 ක් ලබා සිටි අතර, දිනය නිමා වන විට ඔවුන් කඩුලු 5 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 229 ක්.

වර්ෂාවෙන් තෙවැනි දිනයට බාධා එල්ල වීම හේතුවෙන් පන්දුවාර 67 ක් පමණක් ක්‍රියාත්මක වූ අතර, එහිදී කඩුලු 4 ක් බිද වැටුණා.

දිනයේ පළමු කඩුල්ල ලෙස Kirk McKenzie ලකුණු 32 කට දැවී ගියා. නායක ක්‍රෙයිග් බ්‍රැත්වෙයිට් ලකුණු 75 (235) ක් ලබා ගත්තා. ජර්මයින් බ්ලැක්වුඩ් ලකුණු 20 යි. ජොෂුවා ද සිල්වා රැස් කළේ ලකුණු 10 ක් පමණයි.

කොදෙව් ආරම්භක කඩුල්ලේ සම්බන්ධතාවය ලකුණු 71 ක් ලෙස සටහන්ව තිබියදී ටැගනරීන් චන්ද්‍රපෝල් ලකුණු 33 කට දැවී ගියා.

පන්දු යැවීමේ දී රවීන්ද්‍ර ජඩේජා ලකුණු 37 කට කඩුලු 2 ක් දවා ගත් අතර, මොහමඩ් සිරාජ්, රවිචන්ද්‍රන් අශ්වින් හා මෙම තරගයේ දී ටෙස්ට් වරම් දිනූ මුකේෂ් කුමාර් කඩුල්ල බැගින් බිද හෙලුවා.

ඒ අනුව මේ වන විට කොදෙව්වන් පළමු ඉනිමේ දී පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 209 ක්.

ට්‍රිනිඩෑඩ්හි Port of Spain හීදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දියාව සියලු දෙනා දැවී පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 438 ක්.

වසර 5කට පසුව සිය රටින් පිටතදී ටෙස්ට් ශතකයක් වාර්තා කළ විරාත් කෝලි ලකුණු 121 ක් ලබා සිටියදී දුවද්දී දැවී ගියා. මෙම තරගය කෝලි ක්‍රීඩා කරන 500 වැනි ජාත්‍යන්තර තරගයයි. රෝහිත් ෂර්මා ලකුණු 80 ක් ද, රවීන්ද්‍ර ජඩේජා ලකුණු 61 ක් ද, යශස්වි ජයිස්වාල් ලකුණු 57 ක් ද, රවිචන්ද්‍රන් අශ්වින් ලකුණු 56 ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී කෙමා රෝච් හා ජොමෙල් වොරිකන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

https://twitter.com/Raja15975/status/1682829843925454849

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...