ඉන්දීය ක්‍රීඩකයින් 5 දෙනෙකුගේ නවතම තත්ත්වය නිවේදනය කෙරේ

Date:

ආබාධවලට ලක්ව සිටි ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩකයින් වන ජස්ප්‍රිට් බුම්රා හා ප්‍රසිද් ක්‍රිෂ්නා මේ වන විට ඔවුන්ගේ පුනරුත්තාපන ක්‍රියාවලියේ අවසන් අදියරේ පසුවන බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පවසනවා.

ඔවුන් මේ වන විට ඉතා හොදින් පුහුණුවීම් කටයුතුවල ද නිරත වෙමින් සිටින බවයි එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළේ.

ජස්ප්‍රිට් බුම්රා හා ප්‍රසිද් ක්‍රිෂ්නා ඉදිරියේ දී ජාතික ක්‍රිකට් ඇකඩමිය විසින් සංවිධාන කරන පුහුණු තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිතව සිටිනවා.

අනතුරුව ඔවුන්ගේ යෝග්‍යතාවය සලකා බලා ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් අවසන් තීරණයක් ඉන්දීය ක්‍රිකට් වෛද්‍ය කමිටුව විසින් ගනු ඇති.

බුම්රා අවසන් වරට ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර ඇත්තේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී යි. අනතුරුව ඔහු පිට කොන්ද ආශ්‍රිත ආබාධයකට ගොදුරු වූ අතර, ඒ හේතුවෙන් බුම්රාට නවසීලන්තයේ දී ශල්‍යකර්මයකට ද මුහුණ දීමට සිදු වුණා.

පසුව බැංගලූරුහි ජාතික ක්‍රිකට් ඇකඩමියේ දී ඔහු පුනරුත්තාපන කටයුතු ආරම්භ කළා.

පුහුණු තරගවලදී බුම්රා සාර්ථක වුවහොත් ඔහු අගෝස්තු 18 වැනිදා ආරම්භ වන අයර්ලන්තයට එරෙහි 20යි 20 තරගාවලිය සදහා ක්‍රීඩා කිරීමට ඉඩ පවතිනවා. එම තරගාවලියෙන් පසුවයි ආසියානු කුසලාන තරගාවලිය ද ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

මේ අතර, ආබාධවලට ලක් වූ ෂ්රෙයස් අයියර් හා කේ එල් රාහුල් ද මේ වන විට ඔවුන්ගේ ආබාධවලින් සුවය ලබා සිටින අතර, පුහුණුවීම් කටයුතු ද මේ වන විට ආරම්භ කර තිබෙනවා.

එමෙන්ම දරුණු රිය අනතුරකට මුහුණ දුන් රිෂාබ් පාන්ට් මේ වන විට ඔහුගේ පුනරුත්තාපන ක්‍රියාවලියේ ඉතා හොද ප්‍රගතියක් ලබා ඇති බවත්, පිතිකරණ හා කඩුලු රැකීමේ පුහුණුවීම්වල ඔහු නිරතව සිටින බවත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...